තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80 ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයක් වන රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනකුට අදාළ පැමිණිල්ල කැඳවීම මාස තුනකින් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් ඊයේ (22 වැනිදා) තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති හෙයින් අදාළ පැමිණිල්ල කැඳවීම 2021 ජනවාරි 21 වැනිදා තෙක් කල් තැබීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.