කොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.
ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ වලට අමතරව කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වන සියලූම තොරතුරු ලබා ගනිමින් සුවිශේෂී මෙහෙවරක් මේ වනවිට බුද්ධි අංශ නිලධාරින් විසින් ඉටු කරමින් සිටියි.
මෙම ව්‍යසනය හමුවේ තමන් ඉටු කරන අතිශය වැදගත් රාජකාරිය සඳහා ඇතැම් සෞඛ්‍ය අංශ නිලධාරින් සහය නොදීම බරපතළ ගැටළුවක් බවත් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් බුද්ධි අංශ නිලධාරින් පෙන්වා දෙයි.