දැන් රට වහන්න බෑ..අපි වගේ කටයුතු කරන වෙන රටක් නෑ..අපි ඉහළින්ම ඉන්නවා-පවිත‍්‍රා වන්නිආරච්චි

0

කොරෝනා නිසා මුලදී අප රට වැසුවත් සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලා අද එසේ කළ නොහැකි යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇමැතිවරිය එසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (23 දා) පැවති ඳොකාවිඞ් 19 පිළිබඳ කල් තැබීමේ විවාදයට එක් වෙමිනි.

මෙම රෝගය මර්දනය කිරීම සඳහා රාජ්‍ය නායකයාගේ සිට ලැබෙන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. අප කටයුතු කරන්නේ ලෝක වසංගත තත්ත්වයක් සමගයි. ලෝකයට මෙය වෛරසය අලූත්. ලෝකය අලූත් පර්යේෂණ නිර්දේශ කරමින් සිටිනවා. එම දැනුම අපේ විශේෂඥයන්ට තිබුණෙත් නැහැ.

මුලදී අප රට වැහුවා. නමුත් අද සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලන විට එදා ගත් තීරණ ගන්නට බැහැ. ලංකාවේ සෞඛ්‍යය ප‍්‍රවීණයන්ගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා රජය හැමවිටම කටයුතු කරනවා.

දේශපාලකයන් වන අපට වෛද්‍යවරුන්ට උගන්වන්නට හැකියාවක් නැහැ. අප කොරෝනා රෝගය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළා යැයි චෝදනා කළා. අද වන විට අප පර්යේෂණාගාර 26ක පර්යේෂණ කරනවා.

අද වන විට රෝගී ප‍්‍රතිකාර සඳහා ඇඳන් තුන්දහස් පන්සියයක් වෙන් කරගෙන තිබෙනවා. අද වෙන විට රෝග ප‍්‍රතිකාර සඳහා රෝහල් තිහක් සූදානම් කරගෙන තිබෙනවා.කොරෝනා රෝගය වැළැක්වීම සඳහා එන්නතක් එවීමට සූදානම් බවත් ඒ සඳහා රට සූදානම් කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අපට දන්වා තිබෙනවා. කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ලෝකය සමග සසඳා බලන විට ශ‍්‍රී ලංකාව ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. ලෝකයේ මේ ආකාරයට කටයුතු කරන තවත් රටක් නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here