ආරච්චිකට්ටුවේ තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක්.

0
278

ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් තුනක පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ බංගදෙනිය කුම්බුටුකුලිය සහ කරුක්කුපනය පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.ඔවුන් පෑලියගොඩ මාලු වෙළද මධ්‍යස්ථානය සමඟ සෘජුවම ගනුදෙනු කරන පුද්ගලයින් බවට අනාවරණය වී ඇත.

මින් පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ මාලු වෙළද මධ්‍යස්ථානයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ වලදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර එක් පුද්ගලයෙකු තම නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයින්ගේ පවුල්වල පිරිස් සහ සමීපතමයින් එම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර මෙම පිරිස් යම් පුද්ගලයෙකු ඇසුරු කළේනම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here