කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු පසුගිය 24 වෙනි දින කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටිය දී එක් පුද්ගලයකු හදිසියේ මියගිය අතර ඔහුගේ මෘත දේහය පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර තිබිණි.
ඒ අනුව අද දින එම පුද්ගලයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැතිහත්වීමෙන් ආනමඩුව පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
මෙම පුද්ගලයා පසුගිය 21 වැනිදා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගිය අයෙකු වන අතර ඔහු 32 හැවිරිදි කන්දකුලිය පදිංචි රියදුරෙකි.හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ නමුත් නිරෝධායනය නීතිවලට අනුකූලව අවසන් කටයුතු සිදුවිය.