දඹුල්ලේ ලොකු ලූනු කිලෝව රු 220ට නගී..සතොසෙන් මිලදී ගැනීමක් නෑ

1

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල පසුගිය 24 වැනිදා වෙන විට රුපියල් 220 දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පවසති.

ආනයනික ලූනු වලට පනවා තිබූ බද්ධ ඉවත්කර තිබුණත් දේශීය ලූනු මිල පහත වැටී නැති බව පෙන්වා දෙන ගොවීහු මෙම මිල ගණන් ගැන තමන්ට සෑහීමට පත්විය හැකි බව පෙන්වා දෙති.

ආනයනික ලූනුවලට වඩා දේශීය ලූනුවල ගුණාත්මක බව ඉහළ මට්ටමක පැවැතීම නිසා පාරිභෝගිකයෝ දේශීය ලූනු මිලදී ගැනීමට පෙළඹෙන බව ඔවුහු පවසති. කෙසේ වෙතත් රජය දේශීය ලූනු කිලෝව රුපියල් 130 බැගින් සතොස මගින් මිලට ගන්නා බව නිවේදනය කර තිබුණත් එවැනි වැඩපිළිවෙළක් පසුගිය කාලයේ ක‍්‍රියාත්මක නොවූ බව ගොවීහු පෙන්වා දෙති.

දිවයින

1 COMMENT

  1. මුන්ගෙ කියන ඒව ඔක්කොම බොරු.සමන් 200 කිව්ව. CWE එකෙ රුපියල් 600 ක බඩු ගත්තොත් රු.200 ට එක සැමන් ටින් එකයි දෙන්නෙ. දුප්පත් මිනිහෙක් කොහොමද ගන්නෙ.රු.500 ක බඩු ගත්තොත් කිලො එක රු.150 ගානෙ පරිප්පු ග්‍රෑම් 500 දෙනව. ඔවා හොන්දයි 69 ලක්ශෙ බයියන්ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here