‌ගෙදර ඉඳන් නිරෝධායනය වෙන්නේ මෙහෙමයි..සෞඛ්‍ය අංශ වෙතින් පණිවිඩයක්.

0

කොවිඩ්19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ඉදිරියට මුහුණ දීමේ ක්‍රියාමාර්ගයක් ලෙස කොවිඩ්19 වෛරසය ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යෑම නතර කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව නිවෙසේ සිට නිරෝධායනය සිදු කරන ආකාරය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කර ඇත.එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.

නිවෙස් නිරෝධායනය යනු කොරෝනා වෛරසය වැළදීමට වැඩි අවදානමක් ඇති නමුත් රෝග ලක්ෂණ නොමැති මනා සෞඛ්‍යයෙන් යුත් පුද්ගලයන් සෞඛ්‍ය ආයතනවලින් පිටත වෙන් කර තැබීමයි.මෙරට වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සියලු දෙනාම මෙරට ප්‍රජාව තුළ මෙම වෛරස රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අනිවාර්යයෙන්ම දින 14ක් නිරෝධායනය විය යුතුය.

මෙලෙස වැඩි අවදානමක් ඇති පුද්ගලයින් නිරෝධායනය වීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කළ යුතුය.

1)නිවෙස් හොදින් වාතාශ්‍රය සහිත වෙනම කාමරයක් මෙම පුද්ගලයාට ලබාදීම වඩාත් සුදුසුය.අනෙකුත් සාමාජිකයින් වෙනත් කාමරයක නැවතී සිටිය යුතුය.

2)එම පුද්ගලයා හා අනෙකුත් සාමාජිකයින් අතර අවම වශයෙන් මීටර් 1 කවත් දුර ප්‍රමාණයක් සැමවිටම තබාගත යුතුය.(ආහාර දීම වැනි අවස්ථාවකදී)

3)වඩාත්ම සුදුසු වන්නේ නිරෝධායනය වන පුද්ගලයා වෙනම නාන කාමරයක් භාවිතා කිරීමයි.එසේ නොමැතිව අනෙකුත් සාමාජිකයින් සමඟ එකම නාන කාමරය භාවිතා කරන්නේනම්,නිරෝධායනය වන පුද්ගලයා නාන කාමරය භාවිතා කිරීමෙන් පසු සබන් හා ජලය යොදා කරාම,දොර හැඩල හා නාන කාමර උපකරණ පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

4)ඉතාම අත්‍යාවශ්‍ය කටයුත්තකදී හැර කිසිදු බාහිර පුද්ගලයෙක් නිරෝධායනය වන පුද්ගලයාගේ නිවසට ඇතුලු නොවිය යුතුය.නිරෝධායනය වන පුද්ගලයා කිසිදු අමුත්තකු හමු නොවිය යුතුය.

5)නිරෝධායනය වන පුද්ගලයා හා නිවසේ අනෙකුත් සාමාජිකයින් නිතර සබන් යොදා අත් සේදීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතුය.අත් සේදීමේදී වරකට අවම වශයෙන් තත්පර 20ක් වත් දෙඅත් සේදිය යුතුය.අත් සේදීමේ පහසුකම් නොමැති විටදී ඇල්කොහොල් අඩංගු අත් සේදුම්කාරකයක් භාවිතා කළ යුතුය.

6)නොසේදූ අත් වලින් ඇස්,නාසය හා මුඛය ස්පර්ෂ කිරීමෙන් වැලකිය යුතුය.

7)නිරෝධායනය වන පුද්ගලයා විසින් තම ශරීර උෂ්ණත්වය දවසට උෂ්ණත්වමානයකින් පරීක්ෂා කළ යුතුය.

8)උණ,කැස්ස,හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම්,උගුරේ වේදනාව,ඇඟපත රුදාව,සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත වහාම දැනුම් දිය යුතුය.

9)මුහුණු ආවරණ සහ අත්වැසුම් නැවත නැවත භාවිතා නොකර ඒවා නිසි ලෙස බැහැර කළ යුතුය.වඩාත් සුදුසු වන්නේ පියන සහිත බදුනකට ඒවා බැහැර කිරීමයි.ඉන්පසු සුදුසු පරිදි වැළලීම හෝ පිළිස්සීම කළ යුතුය.

10)නිරෝධායනය වන පුද්ගලයින්ගේ භාවිතය සඳහාම පිගන්,කෝප්ප,වතුර වීදුරු,හැදි ගෑරුප්පු,තුවා ඇද ඇතිරිලි හා අනෙකුත් අයිතමයන් වෙන්කර තැබිය යුතුය.

11)නිරෝධායනය කරන පුද්ගලයා භාවිතා කරන උපකරණ,ඇඳ ඇතිරිලි හා ඇඳුම් වෙනම සබන් යොදා සෝදා ගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here