තැන තැන හුදකලා කරත් රට වහන්න ඕන නෑ..ජනපති ඇමතිවරුන්ට කියයි.

0

කොවිඩ් ආසාදිතයින් හමුවන ප්‍රදේශ හුදකලා කරමින් සංචරණ සීමා පැනවූවද රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති මණ්ඩලයට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (26 වැනිදා) පස්වරු​වේ පැවත්විණි. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිලධාරීන් සමග තමන් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (27 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අවධානය යොමු කර ඇත්තේ පවතින තත්ත්වය මත සංචරණ සීමා පනවා රට වසා දැමීම උචිත බවයි. ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද තීරණය කර ඇත.

අරුණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here