රියදුරුට කොරෝනා..නගරාධිපති නිරෝධායනයට.

0

පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරා ලෙස කටයුතු කරන පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් නගරාධිපතිවරයා ඇතුළු නගර සභාවේ සේවක සේවිකාවන් 300ක් පමණ දෙනාට කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.

එමෙන්ම ඔවුන් අවශ්‍ය කණ්ඩායම් නිරෝධායනයට ලක් කරන බව ද පැවසීය.

ආසාදිත රියදුරා සෑම දිනකම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට කුලී ගමනක් යාම හේතුවෙනි කොරෝනා පරීක්ෂණයකට ලක් කර තිබිණි.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරස ආසාදනය වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here