වෙන්නප්පුවේ හෝටල් සේවක තරුණයෙක් අභිරහස් ලෙස මිය යයි.පීසීආර් පරීක්ෂාවට සාම්පල ගනී.

0

වෙන්නප්පුව ප‍්‍රදේශයේ සාද නිකේතනයක කාමරයක් තුළ එහි සේවය කරන තරුණයකු ඊයේ (27 දා) අලූයම 4.00 ට පමණ මියගොස් තිබූ බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ රුමේෂ් ප‍්‍රනාන්දු (20) නමැති මදුරන්කුලිය ප‍්‍රදේශයේ තරුණයෙකි. මොහුගේ දේහයේ රුධිර සාම්පලයක් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට සහ ආහාර කොටස්, රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට ඊයේ (27 දා) යවන ලද බව මාරවිල අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් ලංසකාර මහතා පැවසීය.

මොහු දැනට සති දෙකකට පමණ පෙර මදුරන්කුලියේ සිට වෙන්නප්පුව හෝටලයට (සාද නිකේතනයට) සේවය සඳහා පැමිණ කාමරයක නැවතී සිට ඇත.

මොහු වස වර්ගයක් පානය කිරීම නිසා හෝ වෙනත් හේතුවකින් මිය ගියේදැයි නිසි පරිදි තීරණය කර නොමැති බැවින්, වාර්තා ලැබෙන තුරු සිරුර මාරවිල මූලික රෝහලේ අධිශීතකරණයේ බහා තැබූ බවත් වාර්තා ලද පසුව පරීක්ෂණ සිදු කරන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් ලංසකාර මහතා වැඩිදුරටත් කීවේය.

වෙන්නප්පුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප‍්‍රනාන්දු මහතා පැවසුවේ සාක්ෂි සටහන් ලබාගෙන ඇති බවත්, වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත්ය.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන් (දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here