කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපන ශාලාව කරගෙන යන තැනැත්තා පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳසැළට ගොස් මාළු ගෙනැවිත් ඇති බව බව අනාවරණය වී ඇති අතර ඔහුගෙන් මෙම පිරිස වෙත රෝගය ආසාදනය වන්නට ඇතැයි සැකකෙරේ.
ආපනශාලා හිමියාට වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර් වාර්තා මගින් තහවුරු වී ඇත.
ඔහුගේ සමීපතම තැනැත්තන් ලෙස මෙම පිරිස පරික්ෂණයට ලක්කිරීමේ දී ඔවුන් ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී ඇත.
ඔවුන් සියළු දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා පූනානි නිරෝධායන කඳවුරට යවා ඇති බව වාර්තා වේ.
මේ අනුව ආසාදිතයන් ගේ සමීපතමයින් ද පීසීආර් පරික්ෂණවලට යොමු කළ බවත් මත්ස්‍ය වෙළඳපොලට ගිය බැවින් පළමුවෙන් පරික්ෂාවට ලක් කල තැනැත්තා ද යළි පරික්ෂාවට ලක් කර තිබේ.