බියගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා අද (29දා) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුත්තකට සහභාගී වී පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙසේ රෝගාතුර වී ඇත.
ස්ථානාධිපතිවරයාගේ දේහය මේ වනවිට කිරිබත්ගොඩ රජයේ රෝහලේ තබා ඇති අතර මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.