දිනකට වෛද්‍යවරු තුනක් හතරක් නිරෝධායනයට..ඒ හේතුවෙන් ජාතික රෝහලේ ගැටලු රැසක්.

0

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෛනිකව තුන්දෙනෙකු හෝ හතරදෙනෙකු නිරෝධායනයට යැවීමට සිදුවීම හේතුවෙන් රෝගී සත්කාර සේවා නිසිපරිදි කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වෛද්‍යවරුන් බොහෝමයක් ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත නොකර රෝගීන් පරීක්ෂා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

විවිධ රෝගී තත්ත්වයන් යටතේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සුවය ලබා රෝහලෙන් පිටව යන විට ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කරන අතර, එහිදී ඇතමෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වේ. මෙහිදී වෛද්‍යවරුන් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකර එම පුද්ගලයාට ප්‍රතිකාර කර ඇත්නම් එම වෛද්‍යවරයා ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමු කිරීමට සිදුවන බවද රෝහල් ආරංචිමාර්ග පවසයි.

ශ්‍රියාණි විජේසිංහ (අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here