මාරවිල මූලික රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් ඇති බව ජූඩ් සමන්ත අරුණ පුවත්පතට වාර්තා කර තිබෙනවා.
පසුගිය 26 වැනිදා රෝහල්ගත කර ඇති ඇය 61 හැවිරිදි තැනැත්තියකි.
දංකොටුව – මැල්ලව ප්‍රදේශයේ පදිංචි ඇය උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ අතර පෙරේදා (28 ) එලෙස මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාවගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමටද වෛද්‍යවරුන් කටයුතු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි