වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයින් අතරින් 120 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කිරීමේදී ඔවුන් අතරින් 49 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමට හැකිවී ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පවසයි.
එම කර්මාන්ත ශාලාවේ සමස්ත සේවකයින් ප්‍රමාණය 1000 ඉක්මවන බව ද ඒ මහතා සඳහන් කළේය.
එසේ කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගත් පිරිමි සේවකයින් ඊයේ (30) රාත්‍රියේ රෝහල්ගත කිරීමට කටයුතු කරන අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර ආසාදිත කාන්තාවන් අද දවසේ රෝහල්ගත කිරීමට නියමිත බවයි පැවසුවේ.