පොලිසියට කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක්.. බස්නාහිර නිලධාරීන් 34 කට දැනට ආසාදනය වෙලා

0

කොරෝනා වෛරසය පොලිස් නිලධාරීන් අතර ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතු වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාතට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරීන් 43 දෙනෙක් ඊයේ (30වැනිදා* වන විට කොරෝනා වෛරසය ආසාදනය වී සිටිති.

බස්නාහිර පළාතේ රාජකාරි කළ නිලධාරීන් එකසිය විසි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටින බවද තවත් නිලධාරීන් 771 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර සිටින බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියේය.

කොළඹ මෙන්ම තදාසන්න ප‍්‍රදේශ ගණනාවක පොලිස් නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හරහා බවද වාර්තා වෙයි.

මෙම නිලධාරීන් පොලිස් ස්ථානවල ආපන ශාලා සඳහා මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල වෙත ගොස් ඇති බවටද හෙළි වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන නිලධාරීන් 15 දෙනකුට ඊයේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර තවත් නිලධාරීන් සැලකිය යුතු පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here