යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිළධාරීන් තිදෙනෙකු ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇත.
මෙම හිටපු හමුදා නිළධාරීන් තිදෙනා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබේ.මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් හිටපු මේජර් ජෙනරාල්වරයෙකු වන අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය නිලධාරින් දෙදෙනෙකි.මෙම පිරිස ගැන හෙළිවූයේ මුල් වරටය.
මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා හමුදා සේවයෙන් ඉවත් කළ අයෙකි.මොහු තමා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රහස් නියෝග නිකුත් කරන ප්‍රධාන නිළධාරියා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග හෙළි කළේය.
මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැනවූ තහනම ඉවත් නොකරන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිළධාරිනී යස්මින් සුකා සහ මානව හිමිකම් කවුන්සිලය ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගෙන් ඉල්ලා ඇත.
(දිවයින)