සීගිරිය සංචාරක පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා සීගිරිය ගල තරණය කරමින් සිටියදී අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
ඔහුගේ දේහය පිලිබද මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබේ.
මිය ගොස් ඇති පොලිස් ස්ථානාධිපතිවරයා 58 හැවිරිදි තිදරු පියෙකි.