ඇදිරිනීතිය ඉවත්කරල රට තුළ අවාසනාවන්ත තත්වයක් ඇතිවුනොත් එහි වඟකීම රජය සහ බලධාරීන් ගන්න ඕන – උපුල් රෝහණ.

0

කොරෝනා වෛරසය පැතිරයාම අවම කිරීම හේතුවෙන් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට පැනවූ ඇදිරිනීතිය හෙට උදෑසන 5 ට ඉවත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.කෙසේවෙතත් ඊට පෙර නිරෝධායන ඇදිරිනීතිය පැවති ප්‍රදේශයන් සදහා තව දුරටත් ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම පසුගිය සිකුරාදා බස්නාහිර පළාතෙන් පිටව ගිය 556 ක් ඔවුන් රැදී සිටින නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ හෙට උදේ ඇදිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය ඉතා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි.එමෙන්ම තීරණ ගැනීමේදී ප්‍රමාද නොවී තීරණ ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් ප්‍රමාද වී තීරණ ගැනීම මාරාන්තික වනු ඇති බවත් ය.එමෙන්ම තීරණ ගැනීමේ බලතල ප්‍රාදේශීය මට්ටමේ සිටින බලධාරීන්ටද ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමය යෝජනා කරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියා.

නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඟමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ පවතින නිරෝධායනය ඇදිරිනීතිය ඉවත්කිරීමට සුදුසු වාතාවරණයක් තවමත් නොමැති බවයි.එම නිරෝධායන ඇදිරිනීතිය තව දුරටත් බස්නාහිර පළාත තුළ පවත්වාගෙන යාම කළ යුතු බවට ඔවුන් ඉල්ලා සිටිනවා.එමෙන්ම ජනතාවගේ සංචරණය දැඩිව සීමා කළ යුතු බවද ඔහු කියා සිටිනවා.නැතහොත් ආසාදිතයින් නිදහසේ සැරිසැරීම හේතුවෙන් නීරෝගි පුද්ගලයින්ට වගේම අනෙකුත් පළාත්වලටද මෙම රෝගය ව්‍යාප්ත වීමට ඉඩකඩක් ඇති බව උපුල් රෝහණ මහතා කියා සිටිනවා.

මෙම නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් අවාසනාවන්ත තත්වයක් රටතුළ ඇදි වූවහොත් එහි වඟකීම බලධාරීන් සහ රජය භාරගත යුතු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංඟමේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here