මාතලේ ගම් තුනක ගෙවල් පනහක් විතර බැහැලා,බිත්ති පුපුරලා,ජනතාව බියෙන්

0

මාතලේ කනන්ගමුව දුනුකේවත්ත දොරකුඹුර යන ප්‍රදේශයන්හි නිවාසවල බිත්ති හා පොළව අසාමාන්‍ය ලෙස පුපුරා යාමෙන් තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බව එම ප්‍රදේශවාසීහු කියති.

මේ වන විට එම ප්‍රදේශයේ නිවාස පනහක පමණ බිත්ති හා පොළව පුපුරා තිබේ. ඒ පිළිබඳව අවස්ථා කීපයකදී බලධාරින් දැනුවත් කළත් කිසිදු සොයා බැලීමක් මෙතෙක් සිදු නොවූ බවට ප්‍රදේශවාසීහු කියති.

තමන්ගේ නිවසට සිදුව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ ලතා විජේතුංග කියා සිටියේ;

‘‘මම වසර ගණනක් රට ඉඳලා දුක්මහන්සියේන් හම්බකරපු සල්ලිවලින් මේ නිවස හැදුවා. අද වන විට නිවසේ හැම තැනම පුපුරලා. කොයිවෙලාවේ කඩා වැටෙයිද දන්නේ නෑ. මමයි දරුවොයි වැසි දිනවලට ගෙදර ඉන්නේ හරිම බයෙන්. අපිට වෙලාතියෙන දේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කළා. එහෙන් කියනවා ආපදා කළමනාකරණ කාර්යාලයට කියන්න කියලා එහෙටත් දැන්නුවා. ඒත් කවුරුවත් බලන්නවත් ආවේ නෑ.’’ යනුවෙනි.

කේ.ජී. රත්නවීර – අවුරුදු 10ක පමණ කාලයක සිට මේ පැත්තේ ගෙවල් පුපුරනවා. එක පාරක් භූවිද්‍යා කාර්යාංශයෙන් ඇවිත් කිව්වා පොළව යට තියෙන හුණුගල දිරනවා ඒ නිසා පොළව බහිනවා ගෙවල් ප්‍රමිතියට හදන්න කියලා. අපි මේ කියන ගෙවල් කඩල ආයෙ කොහොම හදන්නද රජයෙන් අපිට සහනයක්වත් දෙනවා නම් එහෙම කරන්න පුළුවන්. ​මේ පළිබඳව අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලාවත් අපිට සහනයක් ලබාදෙයි කියලා බලාපො​රොත්තු වෙනවා.

(ARUNA)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here