පුත්තලම දිස්ත්‍රික්කයත් ක්‍රමයෙන් අවදානම් අතට.

0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්ථා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 79 දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්19 වසංගතය පිළිබඳව සිදුකළ විමසීමකදී එතුමිය ඒ බව පැවසුවාය.

මේ අතර පුද්ගලයින් 1600 පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් දැනට වාර්තා වී ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවද ඇය පැවසුවාය.

පසුගිය දින දෙක තුළ පමණක් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් වෙන්නප්පුව වයික්කාල හය දෙනෙකුත්,තලවිල මාරවිල ප්‍රදේශයෙන් දෙදෙනෙකුත්,ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් එක අයෙකුත්,නවගත්තේගම බෝගහවැව ප්‍රදේශයෙන් එක් අයෙකු සහ හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයෙන් එක් අයෙකු වශයෙන් වාර්තා වී ඇත.

තවද මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ නිරෝධායන මධ්‍යස්ථාන 4ක් පවත්වාගෙන යන අතර එම ස්ථානවල පුද්ගලයින් 125 පමණ නිරෝධායනය වන අතර සෙසු පුද්ගලයින් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද එතුමිය පවසයි.

මෙම ආසාදිතයින් අතර බ්‍රැන්ඩික්ස් පොකුරෙන්,පෑලියගොඩ මාළු වෙළදපොළ පොකුරෙන්,මන්නාරමේ ආශ්‍රිතයන්,කටුනායක ආශ්‍රිතයන් සහ කුලියාපිටිය මංගල උත්සවයකට සහභාගී වූ එක් පුද්ගලයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.

එතුමිය වැඩිදුරටත් පවසා සිටියේ පුද්ගලයන් මෙම වසංගතයේ තරම හා භයානකකම හඳුනාගෙන කටයුතු කළොත් මෙම තත්වයයෙන් මිදිය හැකි බවයි.

එමෙන්ම පුත්තලම නගරයේදී ඊයේ හදුනාගත් කොවිඩ්19 ආසාදිතයාට කොවිඩ් වැලදුණු ආකාරය පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.ඔහු පුත්තලම වෙට්ටුකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.එමෙන්ම ඊයේ දින කල්පිටිය ප්‍රදේශයන්ද කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුගානෙ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here