ජයවර්ධනපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා සුව වූ හෘද රෝගියෙකු විසින් පරිත්‍යාග කළ පීසීආර් යන්ත්‍රය මගින් දිනකට දෙවරක් පීසීආර් පරීක්ෂණ සිදුකරන බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි මහතා සඳහන් කරයි.
මෙම යන්ත්‍රයේ සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන අටකට අධික යැයිද අධ්යක්ෂවරයා පැවසීය.
මේ අනුව දිනකට පීසීආර් පරීක්ෂණ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ හැකිවන සේ අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගත් බවද අධ්යක්ෂවරයා පැවසීය.
ශ්‍රියානි විජේසිංහ