කල්පිටිය නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පුද්ගලික බැංකුවක කළමණාකරුවකුට කොවිඩ් 19 ආසාදිතයකු බවට සනාථ වි ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල කළමනාකාරවරයා පසුගිය 28.29.30 දිනවල කල්පිටිය ශාඛාවට රාජකාරි සඳහා පැමිණ ඇති බවද සඳහන්.
මෙම කළමනාකාරවරයා අසනීප තත්වයෙන් නිවසේ සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර පසුව සිදුකළ ජෛව පටල සාම්පල පරීක්ෂණකදී කොවිඩ්19 ආසාදිතයෙකු බවට සනාථ වී ඇති බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙම කළමනාකාරවරයා ආසාදිත වීමත් සමඟ අදාල පුද්ගලික බැංකු ශාඛාවේ සේවය කළ හා ඔහු ඇසුරු කල පිරිස් පිළිබඳව විශේෂ සොයා බැලීමක් සෞඛ්‍ය අංශ අරඹා තිබේ.