මුව ආවරණ නැති 30කට 5000 බැගින් දඩ

0

පොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.

ඉතිරි සැකකරුවන් දස දෙනාට ඉදිරි නඩු දිනයක අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් නියම කරන ලදී.

නව සෞඛ්‍ය නීති ඇතුළත් ගැසට් පත්‍රයට අනුව මහජන ආරක්ෂාව සඳහා මොවුන්ට විරුද්ධව නඩු පැවරූ බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් අමාකර මහතා සැකකරුවන් අධිකරණට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here