නිරෝධායනය වෙමින් සිටියදී තවත් දෙදෙනෙක් මිය යයි.

0

නිරෝධායනය වෙමින් සිටිය දී සිදුවූ කාන්තාවකගේ හා පිරිමි අයෙකුගේ මරණ දෙකක් කටුගස්තොටින් වාර්තා වේ.

පිරිමි පුද්ගලයා සෝමාලියාවේ සිට පැමිණ නිරෝධායනය නිමවා නිවසේ දින 14ක නිරෝධායන වෙමින් පසු වුණු පුද්ගලයෙකි. 52 හැවිරිදි මේ පුද්ගලයා සෙම රෝග තත්වයක් උත්සන්න වී රෝහල්ගතව ඇති අතර අද උදෑසන 11.30ට පමණ මිය ගොස් ඇත.

කාන්තාව වැරැල්ලේලගම කරඬුවාවල පදිංචි අයෙකි. 76 හැවිරිදි ඇය නිරෝධායනය වෙමින් සිටිය දී අද උදෑසන නිවසේ දී මියගොස් තිබේ.

මේ මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here