ගෙදර නිරෝධායනය වෙද්දී පල්ලවල පුදගලයෙක් මිය යයි.

0

නිරෝධායනයට ලක්කර සිටි මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු නිවසේදී මරණයට පත්වීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගිය බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 68 ක පමණ වන පිරිමි පුද්ගලයෙකි.තිහාරිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවිකාවක කොරෝනා ආසාදිතයකු බව හෙළිවීම හේතුවෙන් පල්ලෙවෙල ප්‍රදේශයේ නිවාස කිහිපයක පදිංචිකරුවන් නිරෝධායනයට ලක්කර ඇත.

එම නිවෙස්වල කිහිපදෙනෙකු ආසාදිත තරුණිය හා සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මෙසේ නිරෝධායනයට ලක්කර ඇති අතර මියගොස් ඇත්තේ එක් සමීපතමයෙකුගේ පවුලේ සාමාජිකයෙකු බවට හෙළි වී ඇත.

ආසාදිත තරුණිය හා සමීප සම්බන්ධතා පැවැත්වූ එම නිවසේ අයගේ පී.සී.ආර් පරීක්ෂණයය අනුව ඔවුනට කොරෝනා ආසාදිත වී නැති බව හෙළි වී ඇතැයි ද මරණකරුගේ දේහය පීසීආර් පරීක්ෂණයට ලක්කර වාර්තාවක් ලබා ගැනීමට නියමිත යැයිද එම කාර්යාලය පවසයි.

අදාළ වාර්තාව ලබාගැනීමෙන් පසු දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි.

(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here