නොවැම්බර් 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ තෙවන පාසල් වාරය තවත් සති දෙකකින් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අනුව නොවැම්බර් 23 වැනිදා තෙවන පාසල් වාරය සඳහා පාසල් විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
කොවිඩ්19 පළමු රැල්ලෙන් පසු සතියට එක දවසක් වශයෙන් පැවැත්වූ පාසල් මෙවර සිසුන්ගෙන් 50% එක සතියකත් අනෙක් 50% ඊළඟ සතියටත් වශයෙන් පාසලට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.