WHO එකෙන් ටෙස්ට් කිට් ලක්ෂ 5ක් දෙන්න කලින් අපේ අය සල්ලිවලට ගෙනත්..ඕඩරය ඉහළින්.

0

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිදේහ කට්ටල ලක්ෂ 5 ලංකවට ලබාදීමට එකඟව තියෙද්දී කඩිනමින් තවත් කට්ටල ප්‍රමාණයක් පෞද්ගලික අංශය හරහා මිලදී ගැනීමට ඖෂධ නිෂ්පාදන,සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශ පියවර ගැනීම සැක සහිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංඟමය ප්‍රකාශ කරනවා.

පී.සී.ආර්. පරීක්‍ෂණයන්ට විකල්පයක් ලෙස හඳුන්වා දුන් ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ (ක්‍ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂාව) මෙරටට ගැලපේ දැයි තීරණය කිරීමේ කි‍්‍රයාවලියක් පවතින අතරතුර එම කට්ටල තොගයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්තා පළවීම ප‍්‍රශ්නසහගත බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

වාර්තා වන අන්දමට ‘රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්’ කට්ටල ගෙන්වා ඇත්නම් එයට අවසර ලබා දුන්නේ කවුදැයි ප‍්‍රශ්න කළ හෙතෙම ඒ පිළිබඳව කරනු ලබන පරීක්‍ෂා කිරීම්වලදී අදාළ කට්ටල ප‍්‍රමිතියෙන් තොර බව වාර්තා වුවහොත් මෙලෙස ගෙන්වනු ලැබූ තොගයට සිදුවන්නේ කුමක් දැයි ප‍්‍රශ්න කර සිටියේය.

මේ අතර කොවිඩ් ප‍්‍රතිදේහ ලක්‍ෂණ පිරික්සීමේ ඇන්ටිජන් පරීක්‍ෂණ මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ඇන්ටිජන් නැතහොත් කොවිඞ් 19 වෛරසයට ආවේණික ප්‍රෝටීන් (ඇන්ටිජන්) හඳුනා ගැනීමේ සාම්පල පරීක්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ වන විට ඒ පිළිබඳව රසායනාගාර පරීක්‍ෂණ සිදුකරමින් පවතින බවත් එම වාර්තාව ලැබුණු පසු ‘ඇන්ටිජන්’ ටෙස්ට් කිරීමට බලාපොරොත්තු වන බවත් ලබන සතිය අවසානයේදී මෙය හඳුන්වා දීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරන බවත් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here