සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (07) මරණයට පත්ව ඇති බව හලාවත රෝහල අධ්යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි මහතා පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බිංගිරියල පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි.
මොහු මෙම පුද්ගලයා උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් පසුගිය මාසයේ 30 දින හලාවත රෝහලට ඇතුලත්ව ඇති අතර එහි ස්ථාපිත කර ඇති විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුවවීමෙන් අනතුරුව රෝගියාගේ බලවත් ඉල්ලීම මත ඔහුව රෝහලෙන් නිදහස් කර ඇත.
ඒ අනුව මෙම රෝගියා මේ මස 01දා සිට තම නිවසේ ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත. ඒ අනුව මෙම පුද්ලයා තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නැවත අසාධ්‍ය වීම හේතුවෙන් හලාවත රෝහලට 06දා ඇතුලත් කිරීමෙන් අනතුරුව එදිනම මරණයට පත්ව ඇත.
මරණකරු සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල් කොටස් පරීක්ෂාවට යවා ඇති බවත් එහි ප්‍රතිඵල මේනවිටත් නොලැබී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.