කොරෝනා ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියෙන් හෙට සිට බස් ගාස්තු 20% – 50% අතර ප‍්‍රතිශතයකින් වැඩිවෙයි

0

ප‍්‍රවාහන අමාත්‍යාංශය විසින් සකසා ඇති ‘කොරෝනා ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය’ අනුව මගී ප‍්‍රවාහන ගාස්තු සියයට විස්සේ සිට සියයට පනහ දක්වා වැඩි වීමට නියමිතය.

ක‍්‍රමවේද තුනක් යටතේ කාණ්ඩ කර ඇති එම ප‍්‍රතිපත්තිය අනුව ආසන ගණනට පමණක් මගීන් ගෙන යන්නේ නම් 20%කින් ද ආසනයක් හැර ආසනයක් ලෙස මගීන් ගෙන යන්නේ නම් 50%කින් ද ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර ඇත.

ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතාගෙන් මේ පිළිබඳව දිවයින කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ පවතින කොරෝනා වසංගතය මත මගී ප‍්‍රවාහන කටයුතු සිදුකළ යුතු ආකාරය දැක්වෙන ‘කොවිඞ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක්’ එළිදක්වන බවත් එහිදී ගාස්තු සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ය.

‘කොරෝනා ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය’ හෙට (10 වැනිදා) එළි දක්වන බව ද හෙතෙම පැවසීය.

සිරිමන්ත රත්නසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here