මිනී පෙට්ටි ඕනෑ කර තිබේ..බලධාරීන්ගේ අවදානය පිණිසයි

0

ඊයේ දිනයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ මහ මග මිය ගොස් සිටි පුද්ගලයයාට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව සොයාගැණුනු තර මේ එම කොවිඩ් ආසාදිත නාඳුනන පුද්ගලයාගේ මළසිරුර ආදාහනය සඳහා රැගෙන ගිය අයුරුයි.

මෙහි තිබෙන ගැටලුව වන්නේ පෙට්ටිය වත් පෙට්ටියේ කැටයම් නැති වීම වත් නොවෙයි. නාඳුනන පුද්ගලයෙකුගේ මෘතශරීරයක් වත් ආදාහනය සඳහා රැගෙන යාමට පෙට්ටියක් ලබා දීමට කිසිදු වගකිවයුතු අංශයක් විසින් තවමත් පියවර ගෙන නොමැති බව මේ වනවිට සෞඛ්‍ය අංශවලට සේවයේ නියුතුවූවන්ගේ මුහුණු පොත් හරහා පුවත් සමාජ ගතවෙමින් පවතිනවා.

පෙට්ටි නොමැතිව ආදාහනාගාර මගින් ආදාහන කටයුතු සඳහා මෘතශරීර බාරගැනීම සිදු නොකරන බැවින්,

ඉක්මන් විසඳුමක් නොලද හොත් ඉදිරියේදී මෙම තත්වය වඩ වඩාත් ගැටලුසහගත වනවා නොඅනුමානය.

ගැටලුව ඉහලට යොමුව තිබෙන බව දැනගන්නට ලැබෙනවා මේ මොහොත වන විට.මේ සඳහා ඉක්මන් ප්‍රතිචාරයක් ලබාදීම බලධාරීන්ගේ වගකීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here