කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන්ට අනුමත නොකළ ප්‍රතිකාර ක්‍රම කෙම් ක්‍රම හා දුමායනය කර ප්‍රශ්නයක් ඇති වුවහොත් ඊට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. විද්‍යානුකූලව තහවුරු කර නොමැති ප්‍රතිකාර, කෙම් ක්‍රම, දුමායනය කිරීම අනුමත නොකරන බව දන්වමින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් මත චක්රලේඛයක්ද නිකුත් කර තිබේ.
වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් කොවිඩ් වයිරසයට දුම් ඇල්ලීමේ උපකරණයක්ද පසුගියදා හඳුන්වා දී තිබිණි.
ඊයේ (10 වැනිදා) උදෑසන සිට පොලිසියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 420ක් වූ අතර බස්නාහිර පළාතේ පමණක් පොලිස් නිලධාරීන් 260කට කොවිඩ් ආසාදනය වී තිබිණි. 1457ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
( අරුණ )