පේරාදෙණිය කෘෂි පීඨයට ආ තැනැත්තා හදිසියේම මිය යයි

0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කාර්යාලය වෙත පැමිණි පුද්ගලයෙකු එම පරිශ්‍රයේ ඇදවැටීමෙන් මරණයට පත්ව ඇත.

විශ්වවිද්‍යාල සේවා සැපයුම් ටෙන්ඩර් පත්‍රිකාවක් ලබා ගැනීම සඳහා ඊයේ (11 වැනිදා) දහවල් කාලයේ මෙම පුද්ගලයා කෘෂිකර්ම පීඨ කාර්යාලය වෙත පැමිණ ඇති බව සඳහන් වන අතර එහිදී හදිසියේම ඇදවැටී ඇති මෙම පුද්ගලයා ගිලන් රථයක් කැඳවා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යැවීමට විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

මරණයට පත්වූ පුද්ගලයා මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අයෙක් වන බව පොලිසිය සඳහන් කරන අතර මියගිය පුද්ගලයා පී. සී. ආර්. පරීක්ෂණයකට ද යොමු කිරීමට නියමිත බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here