වැඩි මිල සීනි බිල ෆේස්බුක් දැමුවාට උරණ වී මුදලාලි කරපු දෙයින් අම්මයි පුතයි රෝහලේ.

0

බළන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ වෙළදසැලකට ගොස් පුද්ගලයෙකු සීන් මිලදී ගෙන පසුව එම වෙළසැලෙන් ලබාදුන් බිල්පත මුහුණු පොතට දැම්මයි පවසමින් කිසියම් පිරිසක් එම පුදගලයාගේ නිවසට පැමිණීමෙන් ඇතිවූ ගැටුවක් හේතුවෙන් එම සීනි ලබාගත් පුද්ගලයා සහ ඔහුගේ මව තුවාල ලබා පසුගියදා සවස ඔවුන් දෙදෙනා බලන්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ 29 හැවිරිදි පුතෙකු සහ 51 හැවිරිදි මවක් වේ.

29 හැවිරිදි පුද්ගලයා බළන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ වෙළදසැලකට ගොස් සීනි කිලෝවක් මිළදී ගෙන තිබේ.ඒ සඳහා වෙළදසැල් හිමියාගෙන් බිල්පතක් ඉල්ලූ පසු රුපියල් 135 ක බිල්පතක් වෙළදසැල් හිමියා විසින් ලබාදී තිබේ.සීනි මිලදී ගත් පුද්ගලයා විසින් සීනි මිල අඩුකර ඇති බැවින් මෙච්චර මුදලක් අය කරන්නේ ඇයි දැයි ඇසීමේදී අඩුකළ මිලට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ගන්නා ලෙස වෙළදසැල් හිමියා ඔහුට කියා ඇත.

පසුව සීනි මිලදී ගත් පුද්ගලයා ඒ සඳහා ලබාදුන් බිල්පත මුහුණුපොතට දමා තිබේ.එහිදී සවස කිසියම් පිරිසක් ඔහුගේ නිවෙසට මෙම ආරවුල ඇතිවී තිබේ.එහිදී තුවාල ලැබූ ඔවුන් දෙදෙනා රෝහල් ගතකර ඇතැයි පොලීසිය පවසයි.අදාල.සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා බළන්ගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

(මව්බිම)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here