කොරෝනා වැළදී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඇති අයිතිය පිළිබද සදහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.
ඊයේ (12) දාතමින් යුතුව යවා ඇති මෙම ලිපියට අස්සන් තබා ඇත්තේ එම කාර්යාලයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හැනා සිංගර් මහත්මිය විසිනි.
සිය ලිපිය මගින් ඇය අගමැතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍යවල පළවන පුවත් පිළිබද සිය කාර්යාලයේ අවධානය යොමු කර ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද මළසිරුරු භූමිදානය කිරීමේ අයිතිය පිළිගෙන ඇති බවත්ය.
එමනිසා සියලුම ආගම්වලට සහ ජාතීන්ට ඇති අයිතිය තහවුරු කිරීමට පියවර ගත යුතු බවද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.