ලයිසන් නැතුව රිය පැදවූ SSP ගේ දුව නීති කඩාගෙන වාහන පොඩි කරයි…සහෝදරයාත් මීට පෙර අනතුරක.

0

බස්නාහිර පළාත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණිය ධාවනය කළ අධි සුඛෝපභෝගී රියක් කොළඹ 7,කුරුදුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසැලකට කඩා වැදී ඇත.ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ .

ඉන් වෙළද ආයතනයට බරපතළ අලාභහානි සිදුවී තිබේ.මෙම තරුණියගේ සොහොයුරාශ 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය පදවා අනතුරක් සිදු කිරීමෙන් බොරැල්ල පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි වී ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධව නාගරික රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ නිසි විමර්ශනය කුරුදුවත්ත පොලීසිය සිදුකරන බව හා රිය පැදවු බව කියන තරුණියට රියදුරු බලපත්‍රයක් නොමැති බවද හෙළි වී ඇති බවයි.ඉදිරි විමර්ශන කුරුදුවත්ත පොලීසිය සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here