ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 7000කට ආසන්න සේවක සේවිකාවන්ට ස්වේච්ජා විශ්‍රාම යෝජනා ක්‍රමයක් (VRS) හදුන්වා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් සේවයේ ආදායම් ශීඝ්‍ර පහත වැටීමකට ලක්ව ඇති අතර අතිරික්ත සේවක ප්‍රමාණයක්ද සිටීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
ඒ අනුව සේවක සංඛ්‍යාව අවම කිරීමත්, යළි ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමත් අරමුණු කරගෙන මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
මේ යටතේ සේවකයන් 600ක් පමණ ස්වේච්ජාවෙන් විශ්‍රාම යනු ඇති බව හදුනාගෙන තිබේ.මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් බිලියන 1.5ක මුදලක් වැයවනු ඇති බවට රජය ඇස්තමේන්තු කොට තිබේ.
( MAWRATANEWS )