1887 වික්ටෝරියා රැජනගේ ශ්‍රී ලංකා සංචාරයට සියවසක් පිරීම නිමිති කොටගෙන එය සිහිවනු වස් මිරිහාන හන්දියේ පිහිටුවන ලද ‘ජුබිලි කණුව’ ගලවා ඉවත් කොට ඇත.
2005 ජුලි 8 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනයකින් එම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස ප්රකාශයටද පත් කර තිබිණ.
කෙසේවෙතත් අද වන විට එම ජුබිලි කණුව ගලවා ඉවත් කොට මාර්ගය සංවර්ධනය කර ඇති ආකාරයක් දැකගන්නට ඇත.
අදාළ ස්මාරකය හේතුවෙන් එම ප්‍රදේශය හැදින්වුණේද ජුබිලි කණුව වශයෙනි.