රුපියල් පන්දහයේ දීමනාව ලබාගැනීම සඳහා මීගමු ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 157 බෝලවලාන ග්රාමසේවා නිලධාරී කාර්යාලය ඉදිරිපිට ඊයේ (19 වැනිදා) අලුයම කාලයේ පැමිණ සිටි කාන්තාවක් රෝගාතුරවී පෞද්ගලික රෝහලක් වෙත ගෙන යාමේදී මියගොස් ඇතැයි එම වසමේ සේවයේ නියුතු ග්රාම නිලධාරීවරයා පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ බෝලවලාන මඩම පාර පදිංචිව සිටි පනස් හත් හැවිරිදි කාන්තාවකි. ඇය එම පෞද්ගලික රෝහලේ සේවය කර තිබේ.
මෙම කාන්තාව අලුයම 5.00ට පමණ පැමිණ ග්රාම නිලධාරී කාර්යාලය ඉදිරිපිට සිටින විට එහි වෙනත් කවුරුත් නොසිටි බව පැවැසේ. මොහොතකින් අයෙක් එම ස්ථානයට පැමිණි පසු කාන්තාව රෝගී බව පැවැසීම නිසා එම පිරිමියා විසින් අදාළ කාන්තාව රෝහල වෙත රැගෙන යන විට මියගොස් ඇතැයි වාර්තා වේ.
මීගමු රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
එම සිද්ධියෙන් පසු ග්රාම නිලධාරී කාර්යාලය සහ එම ස්ථානය විෂබීජහරණය කළ බවද ග්රාම නිලධාරීවරයා පැවැසීය.
රේමන්ඩ් අපෝන්සු – මීගමුව ( අරුණ පුවත්පත )