කොරෝනා එක්ක ජීවත්වෙමු කියන්නෙ බිස්නස්කාරයො..ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති නිසා මිත්‍යාව පතුරනවා.

0

කොරෝනා දෙවන රැල්ල රටපුරා විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එම තත්වය මැඩපැවැත්වීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ අසාර්ථක වී ඇති බව සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරී සංඟමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බංඩාර මහතා පවසනවා.

මෙම දෙවෙනි කොරෝනා රැල්ල පාලනය කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළට ඉලක්කයක්,අරමුණක් නොමැති වීම ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර සිටිනවා.

එමෙන්ම රජයේ එක් ඇමතිවරයෙක් සුදර්ශන පැනියෙන් කොරෝනා මැඩපැවැත්වීමට හැකිබවත්,ඇතැමුන් දුම් මුට්ටි වලින් කොරෝනා මැඩපැවැත්වීමට හැකිබවත් පවසමින් ජනතාව තුළ මිත්‍යාව පතුරමින් සිටින බවට වෛද්‍ය ජයන්ත බංඩාර මහතා චෝදනා කර සිටිනවා.

එමෙන්ම මාස කිහිපයකට කලින් සුලු මුදලකට විකිණීමට තිබූ මාස්ක් අද වනවිට විශාල මුදලකට අලෙවි කරමින් පවතින බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම ඇතැමුන් දැන් කොරෝනා සමඟ ජීවත්වීමට පුරුදුවන ලෙසට ජනතාවට පවසා සිටින බවත් එලෙස පවසන්නේ ව්‍යාපාරික අරමුණු සදහා බවත් වෛද්‍ය ජයන්ත බංඩාර මහතා පවසා සිටියා.කොරෝනා යනු මාරාන්තික වෛරසයක් බවත් එලෙස කොරෝනා සමඟ ජීවත්වීම යනු කල නොහැක්කක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

එමගින් වැඩිම අවදානම ඇත්තේ සෞඛ්‍ය කණ්ඩායම් වලට බවද ඔහු කියා සිටී.කොරෝනා සමඟ ජීවත්වීම සමාජගත කරමින් සිටින්නේ සැගවී ව්‍යාපාරවල යෙදෙන කොරෝනා ව්‍යාපාරයක් කරගෙන සිටින ව්‍යාපාරිකයින් බවද වෛද්‍යවරයා පවසා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here