හලාවත මහා රෝහලේ කොරෝනා යැයි සැක සහිත රෝගීන් රඳවා සිටින වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මිය ගොස් ඇත.
රෝගී තත්ත්වයෙන් පෙරේදා (18 වැනිදා) පෙරවරුවේ මෙම තැනැත්තා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර එදිනම දහවල් කාලයේ ඔහු මිය ගොස් ඇත. මිය ගිය තැනැත්තාගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂණ සඳහා මේ වන විටත් යොමු කර තිබේ.
මිය ගොස් ඇති අය පසුගිය ඉරිදා (15 වැනිදා) ආරච්චිකට්ටුව සති පොළ භූමියේ මාළු අලෙවි කර ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
ජූඩ් සමන්ත ( අරුණ පුවත්පත )