පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සිව්දෙනෙක් වසර දෙකක් තිස්සේ අත්අඩංගුවට නොගෙන ඒ වෙනුවට සහරාන් හෂීම්ගේ ප්‍රධාන සගයා වූ ආමි මොහිදීන් නමැත්තා රහස් පොලිසියේ ඔත්තුකරුවකු ලෙස භාවිතා කර ඇතැයි හෙළි වී ඇත.
මොවුන්ට එරෙහි වරෙන්තු 2017 මාර්තු මස නිකුත් වී තිබිණි.
රහස් පොලිසිය මේ සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර නැත්තේ සහරාන් හෂීම්ගේ ප්‍රධාන සගයා වු ආමි මොහිදීන් නමැත්තා ඔත්තුකරුවකු ලෙස යොදාගෙන සිටීම නිසාය. නමුත් ආමි මොහිදීන්ගේ ක්‍රියා ගැන කිසිදු තොරතුරක් රහස් පොලිසියට ලබා දී නැතැයි වාර්තා වේ.
එසේම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ රහස් පොලිසිය ඊට ඉඩ දී නැත.
මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත්තේ නම් අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුවූ එම අවාසනාවන්ත සිදුවීම ව්‍යර්ථ කිරීමට හැකියාව තිබූ බව රජයට තොරතුරු ලැබී ඇත.
කීර්ති වර්ණකුලසූරිය