යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ සවස මාර්ගයේ ඇඳ වැටී මියගොස් සිටියදී හමුවුණු බව පානදුර දකුණ පොලීසිය පවසයි.
මියගිය තැනැත්තා පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු ජේෂ්ඨ පොලිස් නිළධාරියෙකුගේ මාමණ්ඩිය බවත් දේහය හදුනාගැනීමට පැමිණි ඥාතීන් ප්‍රකාශ කර ඇත.
එම පුද්ගලයා ගාලු පාරේ සිට මුහුදු වෙරළ දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස මාර්ගයේ ඇඳ වැටී ඇති අතර ප්‍රදේශවාසීන් ගිලන් රථයක් ගෙන්වා ඔහු රෝහකට රැගෙන යාමට කටයුතු කිරීමේදී මියගොස් ඇති බවට තහවුරු වී ඇත.
පසුව සෞඛ්‍ය නිළධාරීන් මෘත දේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය පානදුර මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.
මේ අතර මෘත දේහය පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා භාජනය කරන බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.පී.ඒ සඳරුවන් මහතා පැවසීය.
(සුමිත් රණවක – පොතුපිටිය මව්බිම)