මල්වාන බියගම මාර්ගයේ මෝටර් රථයක් පදවාගෙන ගිය හැට හැවිරිදි පුද්ගලයකු යබරලුව ප්රදේශයේදී එම මෝටර් රථය තුළම 27 වැනිදා උදේ මිය ගොස් ඇත.
මොහු සිය බිරිද හා පුංචි අම්මා සමඟ කිඹුල්විලවත්ත ප්රදේශයේ පිහිටි සිය නිවසේ සිට යමින් සිටියදී අසනීප වී මෝටර් රථය අයින් කර නතර කිරීමෙන් පසුව මෙසේ මිය ගොස් තිබිණි.
මෙසේ මියගොස් ඇත්තේ දොම්පේ,කිඹුල්විලවත්ත ප්රදේශයේ පදිංචි වී සිටි රසල් ක්රිස්ටෝපර් ද අල්විස් නැමැති 64 හැවිරිදි තැනැත්තකි.
මොහු අසනීපයෙන් පසු වී ප්රතිකාර ලබමින් සිටි තැනැත්තකු වන බැවින් ඔහු පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
බියගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර් සමරසිංහ මහතා මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.