ගේනව කිව්වත් අනිල් ජාසිංහ මෙතෙක් කොරෝන මර්ධනයට කැදවා නෑ.

0

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමාන පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ වනතෙක් කොරෝනා මර්ධන කමිටුවේ සාකච්ඡා සදහා කැදවා නැත.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තු පවසා සිටියේ කොරෝනා මර්ධන කමිටුවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබෙන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා නැවතත් කොරෝනා මර්ධන වැඩසටහන වලට සම්බන්ධ කර ගැනීමට තීරණය කළ බවයි.

නමුත් මෙතෙක් එම සාකච්ඡා සදහා ජාසිංහ මහතා සහභාගී කරවාගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ද තහවුරු කළේය.

අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ලබාදී ඇත්තේ උසස් වීමක් බවද ඇය සඳහන් කළාය.

මූලාශ්‍ර- ලංකා සී නිව්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here