වන ජීවි දෙපාර්තමේන්තුව යටතේ 1984දී ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයක් ලෙස ගැසට් කර ඇති කැලයක් මැදින් පාරක් ලබාදීමට කිසිසේත් ඉඩ නොතබන බව එම වනජීවි නියාමක සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා “දිනමිණ“ට පැවසීය.විෂයභාර ඇමැතිවරයා නොව ඊට ඉහළ කෙනෙක් කිවුවත් වනජීවි අඥා පනතට පටහැනිව ක්‍රියා නොකරන බවත් ඒ මහතා කීවේය.
තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.
මේ පාර 1984 වහපු පාරක්. මේ පාරට වඩා හොඳ කාපට් පාරක් හදල තමයි මේක වැහැහුවේ. මොකද අලින්ට සහ අනෙක් සතුන්ට නිදැල්ලේ ඉන්න මේ ප්‍රදේශ වෙන් කළේ නිරීක්ෂණ කරල. මොකද අලි මිනිස් ප්‍රශ්නයට පිළියමක් ලෙස.මේ භූමිය ඒ අනුව තමයි ජාතික උද්‍යානයක් කළේ. මේක කැලෑ නිජබිමක්. ඒ නිසා මේකට ඇතුළු වෙන්නවත් බැහැ කාටවත්.
නමුත් මේ ඇමැතිවරයා බලය අයුතු ලෙස භාවිත කර පාරක් හදන්න හදනව වැලි ව්‍යාපාරය සඳහා. මොකද මේ හරියේ හොඳ වැලි නිදියක් තියෙනවා.