අඩු පාඩු ගොඩයි..බලධාරීන් නිහඬයි..සුවසැරිය කඩාවැටෙන්න ලඟයි VIDEO

0

1990 සුවසැරිය ගිලන් රථ සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවීමට එරෙහිව වැඩකරන ජනබලය සංවිධානය ඊයේ (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මේ අතර, සේවය කරමින් සිටින සුවසැරිය සේවකයින්ගේ සේවය අත්තනෝමතික ලෙස අත්හිටුවීමට කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද පහත දක්නට ලැබෙනවා.

එහි සඳහන් වන පරිදි සේවකයින්ගේ ඇති දුෂ්කරතා පැවසීම හේතුවෙන් සේවකයින් කටයුතු කරන බව 1990 සුවසැරිය සේවකයින් චෝදනා කරනවා.

එමෙන්ම සුවසැරිය ගිලන් රථ වල අඩුපාඩු රාශියක් පවතින බවත් එම අඩුපාඩු වලට පිළියම් යොදන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් තවමත් නිසි ප්‍රතිචාරයක් නොදක්වන බවටත් 1990 සුවසැරිය සේවක සංඟමයේ සභාපති මයුමි ප්‍රියංගිකා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම මෙලෙස දිගින් දිගටම අඩුපාඩු පැවතියහොත් මෙරට සෞඛ්‍ය සේවයට අති විශාල සේවයක් කරන 1990 සුවසැරිය ගිලන්‍ රථ සේවය කඩාවැටීම කිසිවෙකුට නැවැත්වීමට නොහැකි වනු ඇතැයිද ඇය සඳහන් කළාය.

මේ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංඟමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ 1990 සුවසැරිය පිළිබඳව කිසිදු වඟකීමක් අදාල බලධාරීන් නොගන්නා බවයි.එමෙන්ම සුවසැරිය සේවය සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි යටතේ තිබෙන බව ඇය නොදන්න බවට තමාට විශ්වාස බවද රවී කුමුදේශ් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here