මහනුවර දිගන, අඹකොටේ, සහ අලුත්වත්තේ යළිත් භූ චලන තත්ත්වයක් හටගෙන තිබෙනවා.ඊයේ රාත්රී 8.45 ත් 8.50 අතර මෙම කම්පන තත්වය ඇතිවුනු බව ප්රදේශවාසීන් පවසා සිටියා.
මෙය මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ වික්ටෝරියා ජලාශය ආශ්රිතව ඇතිවූ පස්වන භූකම්පණ තත්වය වේ.මේ හේතුව නිසා ප්රදේශවාසින්ට බියෙන් ජීවත්වීමට සිදුවී තිබෙනවා.ඔවුන් සඳහන් කරන්නේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ ඇති බැවින් තත්වය අවදානම් බවයි.
එමෙන්ම මේ පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මෙලෙස භූකම්පණ මාලාවක් හට ගැනීම එතරම් හොද තත්වයක් නොවන බවයි.කම්පනය සුලු වූවත් සුලු කම්පනවලට පසුව විශාල කම්පන ඇතිවීමේ අවදානම් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.මෙලෙඩ දිගින් දිගටම භූකම්පණ ඇතිවීමට කුමක් හෝ විශේෂිත සිදුවීමක් වන බවද භූකම්පණ විශේෂඥයින්ගේ මතයයි.