මොරගහ වැව දරුවන්ට සිග්නල් දෙන්න දුරකථන සමාගම් දෙකක් එයි.

0

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ සංක­ල්ප­යක් මත ආරම්භ වී ඇති ගමට සන්නි­වේ­ද­නය ව්‍යාපෘ­තිය වැඩ­ස­ට­හන යටතේ නව­ග­ත්තේ­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මොර­ග­හ­වැව ගම්මා­න­යට සන්නි­වේ­දන පහ­සු­කම් ලබා­දී­මට විදුලි සංදේශ නියා­මන කොමි­සම මැදි­හ­ත්වී­මෙන් දුර­ක­තන ආය­තන දෙකක් ඉදි­රි­පත් වී තිබේ.

මොර­ග­හ­වැව ගම්මා­නය පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ අති­දු­ෂ්කර ගම්මා­න­යකි.

වන අලි ගැටු­මට මැදිව පීඩා විදින මේ ගම්මා­නයේ ජන­තාව තම ජීවිත සරු­කර ගැනී­මට මහත් වෙහෙ­සක් දර­මින් කට­යුතු කරයි. මොර­ග­හ­වැව ගම්මා­නයේ දරු­වන් තම ඔන් ලයින් අධ්‍යා­පන කට­යුතු නිසි ලෙස පවත්වා ගැනී­මට නොහැ­කි­වීම හේතු­වෙන් අඩි 60 කට වඩා උස ජල කුලු­න­කට නැග දෛනි­කව අධ්‍යා­පන කට­යු­තු­වල නිරත වන අව­දා­නම් තත්ත්වය පිළි­බ­ඳව මාධ්‍ය මගින් හෙළි­ද­රව් කිරී­මත් සමඟ මෙසේ අදාළ බල­ධා­රින්ගේ අව­ධා­නය යොමු කර ඇත.

විදුලි සංදේශ නියා­මන කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් ඕෂධ සේනා­නා­යක මහ­තාගේ විශේෂ අව­ධා­නය යොමු­වී­මෙන් පසුව එම කොමි­සමේ නිල­ධා­රින් කණ්ඩා­ය­මක් සමඟ දුර­ක­ථන සමා­ගම් දෙකක් පැමිණ අදාළ සන්නි­වේ­දන තාක්ෂ­ණය ලබා­දී­මට කට­යුතු කිරීම ආරම්භ කරන ආකා­රය දැක ගත හැකි­විණි .

ඒ අනුව පළමු අදි­ය­රේදි මොබි­ටෙල් දුර­ක­තන ආය­ත­නය මොර­ග­හ­වැව දංග­ස්වැව විද්‍යාල පරි­ශ්‍රය හා ඒ අවට 4ජී තාක්ෂ­ණ­යෙන් සන්නද්ධ කිරී­මට කට­යුතු කෙරුණි .

එසේම දරු­වන් ජීවිත අව­දා­නම මැද තම ඔන් ලයින් අධ්‍යා­පන කට­යුතු සිදු­කළ මොර­ග­හ­වැව ජල ටැංකිය අවට මීටර් 900 ක වප­ස­රි­යක කලා­ප­යක් 4ජී තාක්ෂ­ණ­යෙන් ආව­ර­ණය කිරී­මට ඩය­ලොග් සමා­ගම කට­යුතු කර ඇත.

කොරෝනා වසං­ග­තය හමුවේ පාසල් හා පෞද්ග­ලික උප­කා­රක පන්ති ඔන් ලයින් තාක්ෂ­ණ­යෙන් හැදැ­රී­මේදි මොර­ග­හ­වැව දරු­වන් මහත් පීඩා­වන්ට පත්විය.

විදුලි සංදේ­ශන නියා­මන කොමි­සමේ නියෝජ්ය අධ්‍ය­ක්ෂ­ව­රුන් වන ශ්‍රියානි මාවැ­ල්ලගේ මහ­ත්මිය සමඟ එස්.ඊ.වාකිස්ට මහතා ඇතුළු නිල­ධා­රින් මේ අව­ස්ථා­වට පැමිණ සිටි­යහ.

මෙහිදී විදුලි සංදේ­ශන නියා­මන කොමි­සන් සභාවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂිකා ශ්‍රියානි මාවැ­ල්ලගේ මහ­ත්මිය මෙසේ කීවාය.

“ඇත්ත­ටම මේ මොර­ග­හ­වැව දරු­වන් ජල ටැංකි­ය­කට නැගිලා ඔන් ලයින් අධ්‍යා­පන කට­යු­තු­වල නිරත වන ආකා­රය මුලින්ම දැක තිබුණේ අධ්‍යක්ෂ ජන­රාල් ඕෂධ සේනා­නා­යක මහ­ත්තයා.

ඉන් පස්සේ අපිව දැනු­වත් කර ජනා­ධි­ප­තිගේ ගමට සන්නි­වේ­ද­නය ව්‍යාපෘ­තිය යටතේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළා.ජනා­ධි­ප­තිගේ ගමට සන්නි­වේ­ද­නය ව්‍යාපෘ­තිය යටතේ ක්‍රියා­ත්මක වැඩ­ස­ට­හ­නක්.මේ දරු­වන්ට ඉතාම කඩි­න­මින් අදාළ පහ­සු­කම් ලබා දෙන්න කියලා .

ඒ අනුව අපේ විදුලි සංදේ­ශන නියා­මන කොමි­සමේ නිල­ධා­රින් කණ්ඩා­ය­මක් සමඟ සේවා සප­යන ආය­තන සම්බන්ධ කර­මින් මේ ගම්මා­න­යට අදාළ පහ­සු­කම් දෙන්න අපි කඩි­නම්න් කට­යුතු කර තිබෙ­නවා .

පළමු අදි­ය­රේදි මොබි­ටෙල් ආය­ත­නය මොර­ග­හ­වැව දංග­ස්වැව විද්‍යාල භුමිය හා අවට කලා­පය 4ජී තාක්ෂ­ණ­යෙන් බල ගැන්විම ආරම්භ කළා.

දෙවන අදි­ය­රේදි ඩය­ලොග් සමා­ගම ජල ටැංකිය තිබෙන ස්ථානය අසල සන්නි­වේ­දන කුලු­නක් ස්ථාපිත කිරීම කඩි­න­මින් ආරම්භ කරන්න සුදා­නම්. ඇත්ත­ටම මාස­යක් දෙකක් ඇතු­ළත සම්පු­ර්ණ­යෙන් මොර­ග­හ­වැව ගම්මා­න­යම අපි ආව­ර­ණය කරන්න සුදා­නම්.

තම අධ්‍යා­පන කට­යුතු වෙනු­වෙන් අදාළ සන්නි­වේ­දන පහ­සු­කම් ලබා දිමට කට­යුතු කිරීම සම්භ­න්ධව ජනා­ධි­ප­ති­ව­ර­යාට, විදුලි සංදේ­ශ නියා­මන කොමි­සමේ නිල­ධා­රින්ට විශේෂ ස්තුති­යක් පුද කරන බව ගම්මා­නයේ සිසු­ද­රු­දැ­රි­යන් මෙන්ම මව්පියෝ කියා සිටි­යහ.

මිහිර විජේ­සේ­කර-මාර­විල සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here