මේ දිනවල හම්බන්තොට ප්‍රදේශය බලා යාමට බස්නාහිර ඇතුලු අනෙකුත් පළාත්වල ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන බවත්, කිසිසේත්ම ඊට ඉඩ දිය නොහැකි බවත් සෞඛ්‍ය බලධාරීන් යළි අවධාරණය කොට ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැමුන් එල්.පී.එල්. තරගාවලිය බැලීම සදහා හම්බන්තොට යාමට අවසර ඉල්ලා ඇති බවය.
ඊට ඉඩ දිය නොහැකි බවත්, එසේ වුවහොත් කොරෝනා පොකුරු බිහිවීම වැළැක්විය නොහැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.